හිතවතී ටීන්ස් හබ් - ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී

 


2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ උප විදුහල්පති ස්වාමින් වහන්සේ, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 55 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

#hithawathi #ResiliencyInitiative #LKDomainRegistry #MinistryofEducationSriLanka #GalewelaCentral College #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness


Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

හිතවතී ඩිජිටල් මාසික සඟරාව (අගෝස්තු කලාපය)

යාළුවෝ ඔන්ලයින් නම් බලන්නම ඕනේ!