හිතවතී ටීන්ස් හබ් - නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී


2023 මැයි 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 90 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

03 மே 2023 அன்று நபடகஹாவத்தை அல் ஃபர்கான் முஸ்லிம் கல்லூரியில் இணைய பாதுகாப்பு மற்றும் நட்புறவு சேவைகள் பற்றிய விழிப்புணர்வு அமர்வு நடைபெற்றது. “ஹிதாவதி டீன்ஸ் ஹப் (Teens Hub)” முன்னோடி திட்டத்தினால் ஏற்பாடு செய்யப்பட்ட இந்த அமர்வில் பாடசாலை துணை முதல்வர் திரு, ஆசிரியர்கள், மாணவர்கள் உட்பட சுமார் 90 பேர் கலந்துகொண்டனர். அமர்வின் முடிவில் இணையக் கேள்விக்கு சரியாகப் பதிலளித்த ஐந்து பேருக்கு தோராயமாகத் தேர்ந்தெடுக்கப்பட்ட ஐந்து பேருக்கு ரூ.2,500/- மதிப்புள்ள எம்.டி.குணசேன புத்தகக் கடை வவுச்சர்கள் வழங்கப்பட்டன. ஹிதாவதி டீன்ஸ் ஹப் (Teens Hub)” மாணவர் தலைவர்கள், பள்ளி சமூகத்திற்கு பாதுகாப்பான இணையவெளியை உருவாக்க அவர்கள் செய்த பங்களிப்பிற்காக கல்வி அமைச்சகம் மற்றும் LK டொமைன் ரெஜிஸ்ட்ரி ஆகியோரால் கையொப்பமிடப்பட்ட மதிப்புமிக்க சான்றிதழ் வழங்கப்பட வேண்டும்.

An awareness session on Cybersafety and Hithawathi services was held on 03rd May 2023 at Al Furkhan Muslim Maha Vidyalaya, Nabadagahawaththa under the initiative of “Hithawathi Teens Hub”. About 90 students, teachers and the principal participated in this session. At the end of the session a Cyber Quiz was asked and five winners were randomly selected out of those who gave the correct answer to award MD Gunasena book store gift vouchers of LKR 2,500/- each. Hithawathi Teens Hub Student Leaders were awarded a valuable certificate signed by Ministry of Education and LK Domain Registry for their contribution to create a safer cyberspace for the school community.

#hithawathi #ResiliencyInitiative #LKDomainRegistry #MinistryofEducationSri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness


 

Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!