හිතවතී ටීන්ස් හබ් - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී

 


2023 මැයි 02 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 125 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

#hithawathi #ResiliencyInitiative #LKDomainRegistry #MinistryofEducationSri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness


Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!