2023 මැයි 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 90 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී. 03 மே 2023 அன்று நபடகஹாவத்தை அல் ஃபர்கான் முஸ்லிம் கல்லூரியில் இணைய பாதுகாப்பு மற்றும் நட்புறவு சேவைகள் பற்றிய விழிப்புணர்வு அமர்வு நடைபெற்றது. “ஹிதாவதி டீன்ஸ் ஹப் (Teens Hub)” முன்னோடி திட்டத்தினால் ஏற்பாடு செய்யப்பட்ட இந்த அமர்வில் பாடசாலை துணை ம...