"ටීන්ස් හබ්" නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය

 







Resiliency Initiative අනුග්රහයෙන් හිතවතී ව්යාපෘතිය හරහා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඇරඹී "හිතවතී ටීන්ස් හබ් (Hithawathi Teens Hub)" නියමු ව්යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය පසු ගිය 16 වන දින ගලේවල අධ්යාපන කලාපයේ දඹුල්ල ඉනාමළුව විද්යාල භූමියේදී සනිටුහන් කරන ලද අතර ආරාධිත අමුත්තන් ලෙස LK ‌ඩොමේන් රෙජිස්ට්රියේ ප්රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, ගලේවල කලාප අධ්යාපන අධ්යක්ෂ වෙනුවෙන් ගුරු වෘත්තීය සංවර්ධන මධ්යස්ථානාධිපති විජේකෝන් බණ්ඩා මහතා, අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය (ඔන්ලයින්), ගලේවල අධ්යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක ධම්මික සෝමදාස මහතා, ගලේවල අධ්යාපන කලාපයේ තෝරාගත් පාසැල් 11ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් සහ ටීන්ස් හබ් නායක සිසු දරු දැරියන් සහභාගී විය.













Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!